ජනවිකාස තොරතුරු
ජනගහන
27,490
ඝනත්වය
පරිපාලන ප්‍රදේශය
7,900 හෙක්
ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතියෙන් ඔපවත් වූ ඌව වෙල්ලස්ස නූතන පරිපාලන බෙදීම අනුව ඌව පළාත බදුල්ල හා මොනරාගල වශයෙන් දිස්ත්‍රික්ක දෙකකි.
ඓතිහාසික වටිනාකම් රැසකට උරුමකම් කියන බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කින් සමන්විත වන අතර සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද ඉන් එකකි. මෙම කොටසේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් හැත්ත නමයක් වන අතර ග්‍රාම නිලධාරී කොට්ඨාස 25කින් සමන්විත වේ.
2021 වර්ෂය කොට්ඨාසය ජනග්‍රහනය 27,490කි. එය සිංහල දෙමළ මුස්ලිම් යන ජනවර්ග වලින් නියෝජනය වේ. උතුරින් මීගහකිවුල හා කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින්ද නැගෙනහිරින් පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද දකුණින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද බස්නාහිරින් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උසම ප්‍රදේශය වන්නේ නාරංගල කන්දයි. තල්දෙන හා බෝලියද්ද පහත් ප්‍රදේශ වේ. ප්‍රධාන වශයෙන් වී වගාව තේ වගාව හා සුළු අපනයන බෝග කොට්ඨාසයේ කෘෂි කාර්මික රටාවට අයත්වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලා යන අඔගහ ඔය හා කුඩා ප්‍රමාණයේ ජල උල්පත් රාශියක් මඟින් ජනයාගේ ජල අවශයතා සපයනු ලබයි.
බඳුළු ඔය නිර්මාණය වන දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා දුන්හිද දිය ඇල්ල පිහිටා ඇත්තේ ද සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. එසේම වළගම්බා රජ සමයේ ඉදි කරවන ලද චිත්‍ර බුදුගේ කන්ද ලෙන් විහාරයේ දක්නට ලැබේ. ඌව පළාතේ ප්‍රධාන නගරය වන බදුල්ල ආසන්නයේම පිහිටි කොට්ඨාශයක් ලෙසද සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හදුනා ගතහැකිය.
සොරණාතොට ප්‍රාදේශිය සභාවේ ආරම්භය හා එහි විකාශනය වූ කලී 1977 දක්වාම ගම් සභාව මඟින් බල ප්‍රදේශය තුල ජිවත් වූ ජනතාව සඳහා සේව සපයා ඇති අතර 1978 වර්ෂයේදී සංවර්ධන සභා පිහිටුවා ඇත. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව,මුල්ම ප්‍රාදේශීය සභාව 1992 වර්ෂයේදී ආරම්භ වී ඇත.
සොරණාතොට ප්‍රාදේශිය සභාව මඟන් පාලනය වන ආයතන වශයෙන් පුස්තකාල 02 ක් පෙර පාසලක් පවතී. සොරණාතොට ප්‍රදේශයේ බහුතරයක් ගොවිතැන් ප්‍රධාන ජීවිකාව කරගත් පිරිසකි. ප්‍රධාන වශයෙන් තේ,පුවක්, වි හා සුළු අපනයන බෝග වගාවද සිදු කරයි. කෙටිකාලීන හේන් ගොවිතැන් වශයෙන් ඉරිගු, කුරක්කන්, කොල්ලු, කව්පි ඇට ආදී වගාවන්ද සිදු කරයි.
ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන වශයෙන් බුදුගේකන්ද රජමහා විහාරයද, සංචාරක ආකර්ශණීය ස්ථාන ලෙස දුංහිද දිය ඇල්ල, නාරංගල කදු මුදුන පෙන්වා දිය හැකිය.